ඔබ Virtual reality game (VR games) හෙවත් තථ්යාකසන්න වීඩියෝ ක්‍රීඩා කළ කෙනෙක් නම් දන්නවා ඒක වෙනම ලෝකයකට ගියා වගේ අත්දැකීමක්. මොකද එහි දී අපේ මොළය සහ සංවේදී ඉන්ද්‍රීයයන් විශ්වාස කරනවා අපි ජීවත් වෙන්නේ එම ක්රීමඩාවේ පසුබිම් තලයේ බව.
මේ නිසා Cologne විශ්වවිද්යාෙලයයේ Markus Weinmnn සහ ඔහුගේ සගයන් විසින් රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීමට බුද්ධි මට්ටම් පරීක්ෂාවක් VR games භාවිතයෙන් සිදු කළා. පර්යේෂණයට පුද්ගලයන් එක සිය තුන්නෙකු සහභාගි කරගෙන තිබුණා. ඔවුන් කණ්ඩායම් කර පාලිත තත්ත්ව යටතේ “Job Simulator” නම් VR ක්රී ඩාවේ නිරත කරවූවා. ඒ අතරේ ඔවුන්ගේ මොළය ඊට දක්වන ප්‍රතිචාර පිළිබඳ අවබෝධයක් BIS-4 ස්කෑන් තාක්ෂණයෙන් ලබාගත්තා. එහි දී නිරීක්ෂණය වුණේ කණ්ඩායමක අන් අයට සාපේක්ෂ ව වඩා වේගයෙන් ක්රී්ඩාව අවසන් කළ පුද්ගලයන්ගේ සාමාන්යත බුද්ධි මට්ටම සහ මානසික කුසලතාව ඉහළ මට්ටමක පවතින බවයි. ඒ අනුව පර්යේෂකයන් නිගමනය කළේ VR ක්රීනඩා, රැකියා කාර්යසාධනය පුරෝකථනය කිරීම සඳහා සමාගම්වලට යොදා ගත හැකි අතිරේක මෙවලමක් විය හැකි බවයි.
Virtual Reality සඟරාවේ පළ කර තිබූ මේ අධ්යගයනය කියන්නේ VR ක්රීකඩාවේ දක්ෂයන් බුද්ධිමත් යැ යි කීවත් එය ඕනෑවට වඩා භාවිතය බුද්ධි පරිහානියට හේතුවක් විය හැකි බවයි.
සහශ්‍රිකා දෙව්මිණි