Home Entertainmentප.නි.නි. මීතේන් පන්නන සහරා දූවිල්ල

මීතේන් පන්නන සහරා දූවිල්ල

by Sathya

ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් ගෝලීය උණුසුම කෙරෙහි බලපාන මීතේන් සහ සහරා කාන්තාරයේ දූවිලි වළා අතර සැඟවුණු සම්බන්ධයක් සොයාගෙන.
සහරාවේ දූවිලි වලාවන් අත්ලාන්තික් සාගරයට ඉහළින් ගමන් කරන විට මුහුදු ජල වාෂ්පය සමඟ මිශ්‍ර වීම නිසා එය Mineral Dust-Sea Spray Aerosol (MDSA) ලෙස හැදින්වේ. එය උතුරු අත්ලාන්තික් සාගරයේ වායුගෝලීය ක්ලෝරීන් වල ප්‍රමුඛ ප්‍රභවය යි. අධ්‍යයනයේ දී පෙනී ගියේ MDSA හි ඇති එම ක්ලෝරීන් පරමාණු සූර්යාලෝකයෙන් සක්‍රිය වී වායුගෝලීය මීතේන් සහ ඕසෝන් ඔක්සිකරණය කිරීමට ප්‍රභා උත්ප්‍රෙරණයක් ලෙස ක්‍රියා කරන බවයි.
ර්‍ණහිරු රශ්මියට නිරාවරණය වන විට, කාන්තාර දූහුවිල්ලේ ඇති යකඩ, මුහුදු වතුරේ ඇති සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) සමඟ ප්‍රතික්‍රියා‘chlorine radicals’නමින් අයනයක් නිපදවයි. හරිතාගාර වායුවක් වන මීතේන් (CH4) මෙම අයනවලට බැඳීම නිසා බිඳ වැටේ. මීතේන් යනු CO2 ට වඩා 30 ගුණයකින් පෘථිවිය උණුසුම් කරන හරිතාගාර වායුවක්. එම නිසා මෙය ගෝලීය උණුසුම අඩු කිරීමට ස්වාභාවික ක්‍රමයක්.” බවRoyal Netherlands Institute for Sea Research හි පළ කර තිබූ පර්යේෂණ වාර්තාවෙන් පර්යේෂකයන් පෙන්වා දෙනවා.

සහශ්‍රිකා දෙව්මිණි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications