Home Science News එට්නා යමහලින් පිට වූ දුම් වළලු

එට්නා යමහලින් පිට වූ දුම් වළලු

by Sathya

විදාරණය වෙමින් පවතින සිසිලියේ එට්නා යමහල නිසා සිදු වන අපූරු සංසිද්ධියක් කැමරා කාචයට හසු තිබෙනවා. එනම් වළල්ලක් ආකාරයෙන් නික්මෙන දුම් රොටුයි.

පිටසක්වළ ජීවීන් රැගත් යානා රාශියක් පියාසර කරන බවට යමෙකු වරදවා වටහාගත හැකි තරම් විස්මජනක මෙම සංසිද්ධිය “volcano smoke rings” ලෙසත්, අතැම් මූලාශ්‍රවල දැක්වෙන පරිදි “volcanic vortex rings” ලෙසත් හැඳින්වෙනවා.

මෑතක් වන තුරුත් මෙම සංසිද්ධිය සම්පූර්ණයෙන් වටහාගන්නට භූ විද්‍යාඥයන් සමත් වී සටියේ නැහැ. එසේ ම එය යමහල් විදාරණයක් සිදු වූ පමණින් හටගන්නක් ද නො වෙයි. යමහල් ආශ්‍රිත ව මෙවැනි වළලු ආකාර දුම් පිටවීම් ලොව පුරා වාර්තා වී තිබුණත් මෙසේ වළලු ගණනාවක් හටගැනීම අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙනවා.

ඉතාලියේ සිසිලියේ පිහිටා ඇති එට්නා යමහල විදාරණය වන කාල සීමා තුළ මෙම සංසිද්ධිය මින් පෙර අවස්ථාවල දී ද නිරීක්ෂණය වී තිබෙනවා.

2000 වසරේ දී සිදු වූ විදාරණය අතර තුර ද වාශ්පයෙන් සෑදුණු මෙවැනි වළලු ආකාර ව්‍යුහයන් දහස් ගණනක් වා තලයට පා ව ගොස් තිබුණා.

AccuWeather ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications