මැමතුන් වැනි ශරීර ප්‍රමාණයෙන් විශාල සතුන් දඩයම් කිරීම සඳහා පුරාතන මිනිසුන් දැඩි පරිශ්‍රමයක් දරමින් උගුල් අටවා ඇති බව පර්යේෂකයන් පිරිසක් අනාවරණය කරනවා.
අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අදින් වසර 13,000කට පෙර ඇමරිකානු මහාද්වීපවල විසූ ක්ලෝවිස් මිනිසුන් පොළොව මත ගල්වලින් තැනූ තියුණු උල් සවි කර මැමතුන්, බිම් මන්දයන් හෙවත් ground sloth වැනි විශාල සතුන් මරණයට පත් කරන්නට කටයුතු කර තිබෙන බවයි.
“බොහෝ පුරාතන මානව සංස්කෘතීන් දැවැන්ත සතුන් දඩයම් කිරීම සඳහා සහ ඔවුන්ගෙන් ආරක්ෂාව සලසා ගැනීම සඳහා වසර දහස් ගණනක් තිස්සේ උල් වැනි ආයුධ ස්ථානගත කර තැබූ බවට අප සොයාගනිමින් සිටින්නේ දැනුයි.” අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය Scott Byram පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ උල් භාවිත කිරීමෙන් දැවැන්ත සතුන් ඔවුන් වෙත කඩාපැනීමට පෙළඹවීම ද සිදු වන්නට ඇති බවයි. අතින් එල්ල කෙරෙන හෙල්ලයකට වඩා භූමිය මත ඉදි කළ උල් ආයුධයකින් එවැනි සතුන් හට වැඩි හානියක් සිදු කළ හැකි වන්නට ඇති. “එවැනි උල් ප්‍රචණ්ඩ දැවැන්තයන්ට එරෙහි ව භාවිත කිරීම සිදු වන්නට ඇති” Byram පෙන්වා දෙනවා.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දඩයම් කිරීම් දැක්වෙන ලෙන් චිත්‍රවල ද මෙවැනි පොළොව මත ස්ථාපනය කළ උල් වැනි ආයුධ දැකගත හැකි බවයි. පසු කාලීන ව එවැනි ම ආයුධ වෙනත් විලෝපිකයන්ට එදිරි වත්, යුදමය අවස්ථාවල දී සතුරු පිලේ යුද අශ්වයන්ට එරෙහි වත් යොදාගෙන ඇති බවට සාධක තිබෙනවා.
ඔවුන් අධ්‍යයනය ඉකුත් දා Plos One ජර්නලයේ පළ වී තිබුණා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්