Home Science News සහරාවේ විල් දියෙන් පිරෙයි

සහරාවේ විල් දියෙන් පිරෙයි

by Sathya

පසුගිය සැප්තැම්බරයේ සහරා කාන්තාරය පිස හමාගිය බහිර් නිවර්තන සුළි කුණාටුවෙන් පසු එහි ඇතැම් තැන්වල ජලයෙන් පිරුණු විල් මතු වී තිබෙනු චන්ද්‍රිකා ඡායාරූප මඟින් නිරීක්ෂණය කළ හැකියි.

ඉකුත් සැප්තැම්බර් 7 සහ 8 දෙදින තුළ ඇති වූ සුළි කුණාටු තත්ත්නය හේතුවෙන් මිලිමිිටර් 200ට ආසන්න දැඩි වර්ෂාපතනයක් සහරා කාන්තාරයේ ඇතැම් ප්‍රෙද්ශවලට පතිත වුණා. NASA ආයතනයේ පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ මෙලෙස දින දෙකක කාලයක් තුළ සහරාවට පතිත වුණේ වසරක් තුළ එහි පතිත විය යුතු වර්ෂාපතනය බවයි.

අනපේක්ෂිත වර්ෂාපතනය හමුවේ සහරාවේ තාවකාලික විල් ඇති වී තිබෙනු භූ නිරීක්ෂණ චන්ද්‍රිකා ඡායාරූප පෙන්නුම් කරනවා. කුණාටු තත්ත්වයේ බලපෑමට හසු වූ ඇල්ජීරියාවේ සහ මොරොක්කෝවේ ඇතැම් ප්‍රෙද්ශ ද මෙවැනි තාවකාලික විල් ඇති වී ඇති බව Moderate Resolution Imaging Spectroradiometer (MODIS) චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කරනවා.

මේ අතර ඇල්ජීරියාවේ Sebkha el Melah විල ද කුණාටුව නිසා අලුතෙන් පිරී ඇති ආකාරය NASAහි Landcast 9 චන්ද්‍රිකාවේ නිරීක්ෂණයට ලක් වුණා. අගෝස්තු මාසයේ 12 වැනිදා සහ සැප්තැම්බර් 29 වැනි දා ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූප සැසඳීමෙන් දැකගත හැකි වන්නේ කාන්තාර බිමේ කොළ පැහැයෙන් දිස් වන විල වඩාත් පැහැදිලි ලෙස තර වී ඇති බවයි.

මේ වන විට විල වර්ග කිලෝමීටර 191ක් පුරා පැතිරුණු ජල ස්කන්ධයකින් යුතු බවත් අඩි 7.2ක් ගැඹුරින් යුතු බවත් ජෙරුසෙලමේ හීබෘෘ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Moshe Armonගේ ගණනයන් පෙන්වා දෙනවා. ඔහු විලේ චන්ද්‍රිකා ඡායාරූප යෙදාගනිමින් විලෙහි හැසිරීම ත්‍රිමාන සිතියමකට ගැනීමට සමත් වී ඇති බව පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

2000 වසරේ සිට අද වන විට එහි ඇති ජල මට්ටමට වඩා ඉහළ ජල මට්ටමකින් එය පිරී පැවති අවස්ථා ඇත්තේ දෙකක් පමණයි. 2008 ඇති වූ බහිර් නිවර්තන කුණාටුවක් හේතුවෙන් පිරීගිය එය මුළුමනින් ම යළි වියලි ස්වභාවයක් ගැනීමට වසර හතරක කාලයක් ගත වී තිබුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications