Home Science News පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති

පරිණාමය ගැන නොදත් තතු පවසන රොබෝ ආකෘති

by Sathya

රොබෝතික යාන්ත්‍රණයකින් වැඩ කෙරෙන ටී-රෙක්ස් ඩයිනොසෝරයෙකු හොලිවුඩ් නිර්මාණයකට වටින තරම් ම විද්‍යාවටත් වැදගත් ද? පර්යේෂකයන් පවසන්නේ පරිණාමය ගැන අධ්‍යයනයේ දීත් මේ උපක්‍රමය මහෝපකාරී වන බවයි. වඳ වී ගිය සත්ත්ව විශේෂ මත පදනම් ව නිමවන රොබෝවන් මඟින් පරිණාමය ගැන මෙතෙක් නො දත් දෑ හෙළි කරගත හැකි වනු ඇතැ යි ඔවුන් බලාපොරොත්තු වනවා.

පුරා ජීව විශේෂවලින් අනුප්‍රාණය ලැබූ රොබෝ යන්ත්‍ර මඟින් ෆොසිලවලට පණ දීමටත්, කාලයත් සමඟ සිරුරු සැකැස්මේ වූ වෙනස්කම් ඔවුන්ගේ සංචරණයට, වේගයට ඉවහල් වූ ආකාරය මෙන් ම ඔවුන් කෙතරම් ශක්තියක් වැය කළේ ද යන්න පවා සොයාගත හැකි වන බව විද්‍යාඥයන් පවසනවා.

“අප සතු ව ඉන්නා මේ සතුන් පරිණාමය විසින් මෙතැනට ගෙනැවිත් ඇත්තේ වරස මිලියන ගණන් වැය කරමින්. නමුත් පරිගණක කේත දෙක තුනකින් හෝ ත්‍රිමාන මුද්‍රිත කකුලකින් හෝ වසර මිලියන ගණනක් තුළ සිදු වූ මේ පරිණාමීය ක්‍රියාවලිය එක් දිනයක් තුළ සිදු වන ඉංජිනේරුමය ක්‍රියාවලියකින් ප්‍රතිනිර්මාණය කළ හැකියි.” කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය Michael Ishida පෙන්වා දෙනවා.

Science Robotics ජර්නලය වෙත ලියමින් Ishida සහ පර්යේෂණ සගයන් සඳහන් කරන්නේ ඉංජිනේරුවන් විසින් දැනට ජීවත් වන සත්ත්ව විශේෂ අනුකරණය කළ හැකි රොබෝවන් නිර්මාණය කෙරුණේ බොහෝ කලකට පෙර සිට බවයි. එලෙස ම ප්ලියෝසෝරසයන් වැනි වඳ ව ගිය ජීව විශේෂවල යම් නිෂ්චිත ලාක්ෂණික ගවේෂණය කිරීම සඳහා ද මෙවැනි රොබෝවන් යොදාගෙන තිබෙනවා.

Ishida ප්‍රමුඛ කණ්ඩායම අපේක්ෂා කරන්නේ ඉදිරියේ දී ලොවපුරා පර්යේෂකයන් විසින් පුරාතන ජීව විශේෂවල සමස්ත ශරීරයම නියෝජනය වන රොබෝවන් නිර්මාණය කිරීමට පෙළඹෙනු ඇති බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications