Home Science News Starliner ගගනගාමීන් දෙදෙනා අභ්‍යවකාශ සක්මනක

Starliner ගගනගාමීන් දෙදෙනා අභ්‍යවකාශ සක්මනක

by Sathya

Boeing Starliner කැප්සියුලයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පො⁣⁣ළට ගොස් අනපේක්ෂිත ලෙස මාස අටකට අධික කාලයක් එහි රැඳී සිටීමට සිදු වූ NASA ගගනගාමීන් දෙදෙනා ප්‍රථම වතාවට එකට අභ්‍යවකාශ සක්මනක නිරත වී තිබෙනවා.

Suni Williams සහ Butch Wilmore මෙසේ අභ්‍යවකාශ නැවතුම්පොළෙන් (ISS) පිටතට පැමිණියේ එහි නඩත්තු කටයුත්තක් සිදුකිරීම සඳහායි. එසේ ම ක්ෂුද්‍ර උල්කාපාත ගැටීම නිසා නැවතුම්පොළේ පිටත ගැටුම් සලකුණු සටහන් ව ඇද්ද යන්න පරීක්ෂා කර බැලීම ද ඔවුන් දෙදෙනාගේ රාජකාරි අතර වුණා.

ඔවුන් මේ අභ්‍යවකාශ සක්මනෙහි නිරත ව සිටි අවස්ථාවේ ISS ගමන් කරමින් පැවතියේ ස්පාඤ්ඤයට කිලෝමීටර 420ක් ඉහළින්.

පසුගිය වසරේ ජුනි මාසයේ Boeing Starliner කැප්සියුලයේ පළමු නියමු පියාසැරිය සිදු කරමින් ISS වෙත ඔවුන් දෙදෙනා පැමිණියේ එහි සතියක කාලයකට පමණයි. එහෙත් කැප්සියුලයේ ඇති වූ හීලියම් කාන්දු වීම් සහ තවත් තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන් නැවත ඉන් පෘථිවිය වෙත ගමන් ඇරඹීම සුදුසු නො වන බව තීරණය වීමත් සමඟ මේ වන තුරු ම මාස 8කට අධික කාලයක් එහි අනෙකුත් ගගනගාමීන් සමඟ එහි රැඳී සිටීමට ඔවුන් දෙදෙනාට සිදු ව තිබෙනවා.

විශ්‍රාමික නාවික හමුදා කැප්ටන්වරුන් වන ඔවුන් දෙදෙනා හිටපු පරීක්ෂණ ගුවන් නියමුවන් දෙදෙනෙකු ද වනවා.

SpaceX Crew dragon කැප්සියුලයන් මඟින් ඔවුන් පොළොවට ගෙන්වා ගැනීමට නියමිත ව ඇතත් එය සිදු වනු ඇත්තේ ලබන මාර්තු හෝ අප්‍රේල් මාසවලයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications