Home Science News පසුගිය වසරේ සෑම පැය 34කට ම වරක් රොකට් දියත් කිරීමක්!

පසුගිය වසරේ සෑම පැය 34කට ම වරක් රොකට් දියත් කිරීමක්!

by Sathya

2024 වසරේ ලොව පුරා සිදු වූ රොකට් පියාසැරි වෑයම් ගණන 259ක් බව කොලරාඩෝහි පිහිටි ලාබ නො ලබන සංවිධානයක් වන Space Foundation සඳහන් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දල වශයෙන් සෑම පැය 34කට වරක් රොකටයක් අභ්‍යවකාශගත කිරීමේ උත්සාහයන් දැරී ඇති බවයි. එසේම වාර්ෂික ව සිදු වූ රොකට් පියාසැරි වෑයම් ගණන අනුක්‍රමික ව 259 ලෙස සටහන් වූ සිව් වැනි වසර ද 2024 වීම විශේෂත්වයක්.

මේ වි⁣ශ්ලේෂණය ඉකුත් දා පළ වී තිබුණේ Space Foundation විසින් පළ කෙරෙන The Space Report ජර්නලයේයි. මේ වසරේ එම වෑයම් අතර පවතින විරාමය තව තවත් අඩු වනු ඇති බව එය පුරෝකථනය කරනවා. යුරෝපය පුරා රටවල් වෙන වෙන ම රොකට් අත්හදාබැලීම් සිදු කිරීමට නියමිත ව තිබීම ඊට හේතුවයි. ඒ අතර ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය ද වනවා.

වාර්තාවෙන් පෙන්වාදෙන පරිදි NASA ආයතනය සහ පෙන්ටගනය වෙනුවෙන් වෙනුවෙන් සේවා සපයන ප්‍රමුඛතම වාණිජමය අභ්‍යවකාශ සමාගම වන SpaceX පමණක් පසුගිය වසරේ දියත් කර ඇති Falcon 9 දියත් කිරීම් ගණන 132ක් බවයි. එනම් ලොව පුරා සිදු වූ රොකට් ගුවන්ගත කිරීමේ වෑයම් අතරින් අඩකට වැඩියෙන් හිමිකම් කියන්නේ ඊලෝන් මස්ක්ගේ SpaceX සමාගමයි. ඒ අතරින් ද 90%ක් ම යොදාගෙන ඇත්තේ සිය Starlink අන්තර්ජාල සේවය වෙනුවෙන් යැවෙන ක්ෂුද්‍ර චන්ද්‍රිකා රැගෙන යාමටයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications