Home Science News උඩුගුවනට විසිකරන ක්ෂුද්‍ර චන්ද්‍රිකා

උඩුගුවනට විසිකරන ක්ෂුද්‍ර චන්ද්‍රිකා

by Sathya

කැලිෆෝනියාවේ පිහිටි සමාගමක් විශාල භ්‍රමක කාලතුවක්කුවක් මාර්ගයෙන් රොකට්ටුවක් අභ්‍යවකාශය වෙත දියත් කරමින්, සිය ගණනක් වූ පැතලි ක්ෂුද්‍ර චන්ද්‍රිකා එක්වර කක්ෂයට මුදා හැරීමට සූදානම් වෙමින් සිටිනවා.

SpinLaunch නමැති මෙම සමාගම භ්‍රමණ චලිතය උපයෝගීකරගන්නා දැවැන්ත කක්ෂීය ත්වරක මඟින් චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ අඩුවියදම් ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා.

සංවෘත කුටියක් තුළ භ්‍රමණය වන බාහු භාවිතයෙන් යානා වේගවත් කර, ඒවා අවසන් වටයේ දී ඉහළින් පිහිටා ඇති බැරලයෙන්, ඇදී යන බුලට්ටුවකටත් වඩා වේගයෙන් උඩුගුවනවෙත විදිනු ලබනවා. ඔවුන් දැන් සූදානම් වෙමින් සිටින්නේ SpaceX සමාගමේ Starlink චන්ද්‍රිකා පොකුරට වඩා අඩු වියදමක් සහිත ව අන්තර්ජාල ආවරණය ලබාදිය හැකි බව පැවසෙන Meridian Space නම් ක්ෂුද්‍ර චන්ද්‍රිකා රාශියකින් සමන්විත පොකුරක් මේ තාක්ෂණය ඔස්සේ අභ්‍යවකාශය වෙත දියත් කිරීමටයි.

පසුගිය අප්‍රේල් 03 වැනි දා SpinLaunch සමාගම නිවේදනය කළේ Kongsberg Defense and Aerospace (KDA) විසින් තමන් වෙත ඇමරිකන් ඩොලර් මිලියන 12ක ආයෝජනයක් හිමි වූ බවයි. ඒත් සමඟ මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් එක් රැස්වුණු මූල්‍යමය සම්පාදිතය ඩොලර් මිලියන 150කට ආසන්න බව ද සමාගම නිවේදනය කළා. KDA යටතේ තිබෙන NanoAvionics සමාගම Meridian Space චන්ද්‍රිකා පොකුර සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇති බව ද වැඩිදුරටත් නිවේදනයේ දැක්වෙනවා.

Live Science ඇසුරෙනි.

⁣සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications