Home Science News වෙනත් වඳුරු විශේෂවල පැටවුන් පැහැරගන්නා කැපුචින් වඳුරන්

වෙනත් වඳුරු විශේෂවල පැටවුන් පැහැරගන්නා කැපුචින් වඳුරන්

by Sathya

හැසිරීම් රටා පිළිබඳ පරිසර විද්‍යාඥවරියක වන සෝයි ගෝල්ඩ්ස්බරෝ සිය කැමරාවේ සටහන් වූ කැපුචින් වඳුරකු තවත් කුඩා වඳුරු පැටවෙකු සිය පිට මත තබාගෙන යන දර්ශනය ගැන මුලින් සැක කළේ නැහැ. නමුත් සමීප ව නිරීක්ෂණය කිරීමේ දී ඇයට පෙනී ගියේ පිට මත සිටින්නේ කැපුචින් වඳුරු (Capuchin monkey – Cebus capucinus) පැටවෙකු නොව හවුලර් (Howler monkey – Alouatta) වඳුරු පැටවෙකු බවයි.

“මම වැටහී ගියා මේ මින් පෙර අප අත් නොදුටු දෙයක් බව” ගෝල්ඩ්ස්බරෝ පවසනවා.

සිය කැමරා දර්ශන යළි යළි නරඹන විට ගෝල්ඩ්ස්බරෝ දැක තිබුණේ ‘ජෝකර්’ යන සුරතල් නාමයෙන් හැඳින්වෙන මෙකී කැපුචින් වැඩිහිටි වඳුරා ඒ්වායේ ද කුඩා හවුලර් වඳුරු පැටවෙකු උරමත දරාගෙන සිටිනු සටහන් ව ඇති බවයි. අනතුරු ව තවත් වැඩුණු කැපුචින් වඳුරෙක්, හවුලර් වඳුරු පැටවෙකු පිටමත තබාගෙන සිටිනු ඇයට නිරීක්ෂණය වුණා.

මේ දර්ශන පටිගත වී තිබුණේ පැනමාවට කිලෝමීටර 55ක් ඈතින් පිහිටි කොයිබා ජාතික වනෝද්‍යානයට අයත් ජිකාරොන් (Jicarón) දූපතේ ස්ථානගත කර තිබූ කැමරා 15කයි. ගෝල්ඩ්ස්බරෝ ප්‍රමුඛ සත්ත්ව හැසිරීම් රටා පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ සහ ස්මිත්සෝනියන් නිවර්තන පර්යේෂණායතනයේ පර්යේෂකයන් මෙසේ ප්‍රදේශය අවට සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණයට ලක් කොට තිබුණා.

ඔවුන්ට මෙහි දී පෙනී ගොස් තිබුණේ 2022 ජනවාරියත් 2023 මාර්තු මාසයත් අතර, ජෝකර්ගෙන් පසු තවත් කැපුචින් පිරිමි වඳුරන් අවම වශයෙන් හවුලර් වඳුරු පැටවුන් 11 දෙනෙකුවත් පැහැරගෙන ඇති බවයි. කැපුචින් වඳුරන් මේ හෝලර් වඳුරු පැටවුන් ආහාරයට ගැනීම, රැකබලා ගැනීම හෝ ඔවුන් සමඟ සෙල්ලම් කිරීම ආදියට සාක්ෂි නොමැති බැවින්, පර්යේෂකයන් යෝජනා කරන්නේ මෙම පැහැරගැනීමේ හැසිරීම Jicarón දූපතේ අනන්‍ය පරිසර තත්ත්වයන්ට බැඳුණු “සංස්කෘතික විලාසිතාවක්” (cultural fad) විය හැකි බවයි. ඔවුන්ගේ මූලික සොයාගැනීම් පසුගිය දා Current Biology සඟරාවේ පළ වුණා.

CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications