Home Science News චීන චන්ද්‍ර සාම්පල NASA ආයතනයට අකැපයි

චීන චන්ද්‍ර සාම්පල NASA ආයතනයට අකැපයි

by Sathya

2020 දී චීනයේ Chang’e 5 මඟින් රැගෙන ආ චන්ද්‍ර සාම්පල ජාත්‍යන්තර පර්යේෂකයන් සමඟ බෙදා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. කෙසේ නමුත් පවතින නීති රෙගුලාසි හේතුවන් ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන පර්යේෂකයන් හට මේ සාම්පල ලබා ගැනීම අපහසු කටයුත්තක් බවට පත් ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැයි මස මුල දී බ්‍රිතාන්‍ය ග්‍රහ විද්‍යාඥ මහේෂ් ආනන්ද් චීනය බලා පිටත් වූයේ එක්සත් රාජධානිය වෙනුවෙන් වෙන් කෙරුණු චන්ද්‍ර සාම්පල මිලිග්‍රෑම් 60ක ප්‍රමාණ භාර ගැනීමටයි. යුරෝපයේ අනෙකුත් රටවලින් මෙන් ම ඉතියෝපිාව, රුසියාව සහ ඇමරිකාව වැනි රටවලට ද සාම්පල බෙදී යනවා. Chang’e 5 ඔස්සේ රැගෙන එනු ලැබූ මුළු චන්ද්‍ර පස් සාම්පල ප්‍රමාණය ග්‍රෑම් 1,731ක්.

අනෙකුත් රටවල රාජ්‍ය මැදිහත්කාර ආයතන විසින් මෙකී සාම්පල ලබා ගැනීම සඳහා බරපැන දරන නමුත් ඇමරිකාවේ NASA ආයතනයට ඒ සඳහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව අවහිර කර තිබෙනවා. ටිමති ග්ලොච් වැනි ඇමරිකානු ග්‍රහ විද්‍යාඥයන් හට චන්ද්‍ර සාම්පල ලබාගැනීමට හැකියාව ලැබුණේ ඔහුගේ ම ආයතනය වන Stony Brook විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන මතයි.

ඇමරිකානු පර්යේෂකයන් හට මේ අපහසුතාවයට මුහුණදීමට සිදු ව තිබෙන්නේ 2011 වසරේ අනුමත වූ වුල්ෆ් පණත (Wolf Amendment) හේතුවෙන්. රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයෙකු වූ ෆ්‍රෑන්ක් වුල්ෆ් විසින් ගෙන එනු ලැබූ මෙකී නීතියෙන් NASA ආයතනයට සහ එහි අරමුදල්වලින් වැටුප් ලබන විද්‍යාඥයන්ට චීන ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරය වන CNSA සමඟ ද්වීපාර්ශ්වික සහයෝගීතාවයන් පවත්වාගැනීම තහනම් වනවා. මේ නීතිය සම්මත කිරීමේ මූලික ම අභප්‍රාය වී තිබුණේ ඇමරිකානු අභ්‍යවකාශ තාක්ෂණයන්ට අදාළ සංවේදී තොරතුරු චීන රජය අතට පත් වීම වැළැක්වීමයි. චීනය එම නව්‍ය තාක්ෂණයන් මිලිටරීකරණය කරනු ඇති බවටත්, අවස්ථානුකූල ව සිය රටට එරෙහි ව භාවිත කරනු ඇති බවටත් ඇමරිකාව සැක පළ කිරීම මෙයට හේතුවයි.

මේ අවස්ථාවේ දී පෙනී යන්නේ වුල්ෆ් පණත ම චීනය විසින් ගෙන එනු ලැබූ චන්ද්‍ර සාම්පල NASA පර්යේෂණ සඳහා ලබා ගැනීමට අකුල් හෙළා ඇති බවයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications