Home Science News විසූවියස් විදාරණයෙන් පසු යළි පොම්පෙයි වෙත ආ පදිංචිකරුවෝ

විසූවියස් විදාරණයෙන් පසු යළි පොම්පෙයි වෙත ආ පදිංචිකරුවෝ

by Sathya

ක්‍රි.ව. 79 දී විසූවියස් යමහල විදාරණය වීමෙන් විනාශයට පත් පොම්පෙයි නගරය වෙත, එදා දිවි බේරාගෙන පලායන්නට සමත් වූ අය පසු කාලීන ව යළි පැමිණ ඇති බව පුරාවිද්‍යාත්මක කැනීම්වලින් තහවුරු කරගන්නට පපුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා.

ආසන්න නගරවල සිටි අවස්ථාවාදී ජනතාව සහ ස්ථිර නිවාස නොමැති අය සමඟ එක් ව ඔවුන් යළි පොම්පෙයි නගරය වෙත පැමිණ වටිනාකියන දේ සොයා ඇති බවයි පෙනී ගොස් ඇත්තේ. එසේ ම යළි පදිංචි වීමට සුදුසු ස්ථාන සෙවීම ද ඔවුන් සිදුකර තිබෙනවා. සංඛ්‍යාත්මක ප්‍රමාණය පිළිබඳ නිශ්චිත අදහසක් නැතත්, මේ නව ජනගහනය විපතට පත් පොම්පෙයි නගරයේ නෂ්ටාවශේෂ අතර වසර 400ක් පමණ ජීවත් වී තිබෙන බවට සාධක හමු වූ බව Pompeii Archaeological Park විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක දැක්වෙනවා.

“ක්‍රි.ව. 79න් පසු, පොම්පේයි නැවත එළිදරව් වන්නේ නගරයකට වඩා අවිනිශ්චිත අළු වූ එකතුවක් ලෙසයි. එය පැරණි පොම්පේයිහි තවමත් හඳුනාගත හැකි නටඹුන් අතර එක්තැන් වූ කඳවුරක් හෝ ෆවේලාවක් වැනියි,” පොම්පේයි හි පුරාවිද්‍යා උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

විසූවියස් යමහල විදාරණයෙන් කලකට පසු යළි ජනතාව ඒ වෙත පැමිණෙන්නට ඇති බව විශේෂඥයන් කලක පටන් ම විශ්වාස කළා. කෙසේ නමුත් මෙතෙක් එය සනාථ කළ හැකි පරිදි සාධක හමු වී තිබුණේ නැහැ. ඊට හේතුව වූයේ බොහෝ පුරාවිද්‍යාඥයින් මෙම සලකුණු සොයා ගත හැකි වූ ස්තර ඉක්මවා ගැඹුරට කැණීම් කරමින්, ගිනිකඳු පිපිරීමෙන් ඉතිරි වූ අළුවලට යටින් ඇති බිතුසිතුවම්, භාණ්ඩ සහ හිර වී මියගිය මිනිසුන්ගේ භෂ්මාවශේෂ සොයාගැනීමට වැඩි කැමැත්තක් දැක්වීමයි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications