කිරිවල නැවුම් රසය තබා ගැනීම සඳහා, කර්මාන්තකරුවන් සිදු කරන්නේ එය පාරාන්ධ බහාලුම්වල ඇසිරීමයි. නමුත්Dairy Scienceසඟරාවේ හි පළ කර තිබූ පර්යේෂණයකින් වාර්තා කරන්නේ, කිරි වල රසයට ඇසුරුම් කරණය බලපාන නමුත් ඒ පිළිබඳ දැනුමක් කර්මාන්තකරුවන්ට නොමැති බවයි.
පර්යේෂකයන් විසින් ඇසුරුම්වල රසකාරක බලපෑම් මැනීම පයින්ට් භාගයේ බහාලුම් හයක පැස්ටරීකරණය කළ දියර කිරි සහ මුදවපු කිරි යොදා ගෙන සිදු කර තිබුණා. එම බහාලුම් කඩදාසි පුවරු පෙට්ටි, ප්ලාස්ටික් ජෝගු වර්ග තුනක් (විවිධ ප්ලාස්ටික් වලින් සාදන ලද) හා ප්ලාස්ටික් බෑගයක් වූ අතර අතර පාලකය වූයේ වීදුරු බහාලුමයි.
පළමු සැකසුම් දිනයෙන් පසුව පුහුණු මණ්ඩලයක් විසින් පිළිවෙලින් දින පහක, දහයක සහ පහළොවක කාල පරතරයක් ඇති ව සාම්පල වල සංවේදී ගුණාංග ඇගයීමට ලක් කළා. එසේ ම ඇසුරුම් කිරි සමඟ වාෂ්පශීලී සංයෝග අන්තර්ක්‍රියා කරන ආකාරය තීරණය කිරීම සඳහා විශ්ලේෂණයක් ද සිදු කළා.
එහි දී ඔවුන්ට නිරීක්ෂණය වූවේ කඩදාසි පුවරු පෙට්ටි, වීදුරු සහ ප්ලාස්ටික් බහාලුම්වල මෙන් ඵලදායි ලෙස කිරි නැවුම් බව පවත්වා නො ගන්නා බවයි.
ඒ අනුව පර්යේෂණය අවසානයේ අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආහාර, ජෛව සැකසුම් සහ පෝෂණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යMaryAnne Drake ගේ නිගමනය වූවේ, “ඇසුරුම තනා ඇති සංගටක කිරිවලට විසරණය වීම සහ ශීතකරණය තුළ දී ආහාරයේ රස සහ සුවඳ ඇසුරුම් මගින් අවශෝෂණය කර ගන්නා නිසා කිරි රසය වෙනස් විය හැකි.” බවයි.
සහශ්‍රිකා දෙව්මිණි