කීර්තිමත් ඇමරිකානු තාරකා විද්‍යාඥ කාල් සේගාන් සහ ඔහුගේ බිරිඳ වූ ඈන් ඩ්‍රයන් දෙදෙන විසින් රන් ආලේපිත තාරකාන්තර තැටිය සහ ඒවා රැගෙන ගිය වොයෙජර් අභ්‍යවකාශ යානා යුගලය නිර්මාණයට දැරූ දායකත්වය නවතම සිනමා කෘතියකින් එළි දැක්වීමට නියමිත ව තිබෙනවා.
‘Voyagers’ නම් මේ සිනමා කෘතිය චිලී ජාතික 49 වියැති සිනමාකරු සෙබස්තියන් ලෙලියෝගේ අධ්‍යක්ෂණයක්.
මෙහි කාල් සේගාන් භූමිකාව Spider Man සිනමා පට තුනක ප්‍රධාන චරිතය රඟ දැක්වූ 39 වියැති ඇමරිකානු නළු ඇන්ඩෲ ගාර්ෆීල්ඩ් විසින් ද, ඈන් ඩ්‍රයන් ගේ භූමිකාව 24 හැවිරිදි බ්‍රිතාන්‍ය නිළි ඩේසි එඩ්ගා ජෝන්ස් විසින් ද නිරූපණය කර තිබෙනවා.
‘Voyagers’ සිනමා කෘතිය මඟින් ඓතිහාසික වොයෙජර් 1 හා 2 අභ්‍යවකාශ යානා යුගල සහ ඒවා මඟින් රැගෙන යනු ලැබූ පෘථිවි ග්‍රහලොවේ අනන්‍යතාව රූපයෙන් හා ශබ්දයෙන් සටහන් කර ඇති තඹ වලින් තැනූ රන් ආලේපිත අඟල් 12 තාරකාන්තර තැටිය නිර්මාණය කිරීම පිටුපස පැවති කාල් – ඈන් ආදර අන්දරය ද කදිමට නිරූපණය වෙනවා.
සිනමා පටයේ අධ්‍යක්ෂ සෙබස්තියන් ලෙලියෝ සඳහන් කරන්නේ තම මව්බිම වූ චිලී දේශයේ ඒකාධිපති පාලන තන්ත්‍රය පැවති සමයේ එවකට නව හැවිරිදි කොලු ගැටයකු ලෙස තමා නැරඹූ කාල් සේගාන් සහ ඈන් ඩ්‍රයන් යුවළ ඉදිරිපත් කළ “Cosmos” රූපවාහිනී වැඩ සටහන් මාලාව තමන් තුළ විශාල උත්තේජනයක් ඇති කළ බවයි.
“ස්වර්ණාලේපිත තාරකාන්තර තැටිය සහ එහි පසුබිමේ පැවති කාල් සහ ඈන් අතර පෙම් පුවත පිළිබඳ සිනමා කෘතියක් නිර්මාණය කිරීම මගේ සිහිනයක් වුණා.” ඔහු එසේ සඳහන් කරනවා.
ඇන්ඩෲ ගාර්ෆීල්ඩ් සහ ඩේසි එඩ්ගා ජෝන්ස් නළු නිළි යුවළ විසින් රඟ දක්වන එහි චමත්කාරයෙන් තමා උද්දාමයට පත් වූ බව ඔහු පවසනවා.
FilmNation Entertainment වෙනුවෙන් බෙන් බ්‍රව්නින්, ලින්ඩා ඔබ්ස්ට් සහ ඈන් ඩ්‍රයන් විසින් ‘Voyagers’ සිනමා කෘතිය නිෂ්පාදනය කර තිබෙනවා. එය මේ වසරේ කෑන්ස් සිනමා උළෙලට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිනමාපටයේ අධ්‍යක්ෂ සෙබස්තියන් ලෙලියෝ 2017 වසරේ දී නිර්මාණය කළ “A Fantastic Woman” නම් චිත්‍රපටය හොඳ ම විදෙස් සිනමා කෘතියට හිමි ඇකඩමි සම්මානය දිනා තිබෙනවා.
‘Voyagers’ සිනමා කෘතියේ තිර රචනය කර තිබෙන්නේ සෙබස්තියන් ලෙලියෝ සහ ජෙසිකා ගෝල්ඩ්බර්ග් දෙදෙන විසිනුයි.
සැබවින් ම කාල් සේගාන් තම තෙවෙනි බිරිඳ වූ ඈන් ඩ්‍රයන් වෙත දැක් වූ ආදරය ඔහු විසින් 1980 වසරේ දී එළි දැක් වූ COSMOS නම් ග්‍රන්ථයේ පිදුමෙහි මෙසේ සටහන් කරනවා.
“In the vastness of space and the immensity of time, it is my joy to share a planet and an epoch with Annie.”
Space.com ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි