Home Science News ඉන්දියාව මෙතෙක් තැනූ වැඩි ම බරකින් යුුුතු සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි

ඉන්දියාව මෙතෙක් තැනූ වැඩි ම බරකින් යුුුතු සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි

by Sathya

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් මෙතෙක් අභ්‍යවකාශගත කරනු ලැබූ බරින් වැඩි ම සන්නිවේදන චන්ද්‍රිකාව ඊයේ දියත් කරනු ලැබුවා. Gsat-7R නමින් යුතු මෙම චන්ද්‍රිකාව දකුණු ඉන්දියාවේ ශ්‍රීහරිකෝටාහි පිහිටි ISROට අයත් සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවන්ගත කරනු ලැබුණේ ඉන්දියාව සතු LVM 3 අධිඅයබර රොකට්ටුව ආධාරයෙන්. එය මෙම රොකට්ටුවේ පස්වැවැනි මෙහෙයුම ද වනවා.

බරින් කිලෝග්‍රෑමි 4,410ක් වන මෙතෙක් ඉන්දියාව විසින් ගුවන් ගත කරනු ලැබූ බරැති ම සන්නිවේදන චන්ද්‍රිකාව වන Gsat-7R, ඉන්දියානු සාගර කලාපය තුළ, ඉන්දීය නාවික හමුදාවේ සන්නිවේදන ආවරණය වර්ධනය කරනු ඇති බව අපේක්ෂිතයි.

දියත් කිරීමෙන් විනාඩි 16කට පසු LVM-3 විසින් චන්ද්‍රිකාව උප-භූස්ථාවර හුවමාරු කක්ෂයක් වෙත මුදාහැරුණා.

Gsat-7R චන්ද්‍රිකාව නිමවා ඇත්තේ 2013 වසරේ දියත් කරනු ලදු ව එරට නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු සඳහා වෙන් කෙරුණු, Gsat-7 (රුක්මිණි) චන්ද්‍රිකාව ප්‍රතිස්ථාපනය කිරීමටයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications