Home Science News DNA ව්‍යුහය සොයාගැනීමට දායක වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

DNA ව්‍යුහය සොයාගැනීමට දායක වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

by Sathya

DNA ව්‍යුහය සොයාගත් විද්‍යාඥයන් දෙපලගෙන් අයෙකු වන නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 97 වැනි වියේ පසු වුණා.

​ඔහු, බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු වන ෆ්‍රැන්සිස් ක්‍රික් සමඟ එක් ව 20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීම්වලින් එකක් ලෙස සැලකෙන DNA හි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය හඳුනා ගත් අතර, එය අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට හේතු වුණා.

​නමුත් ජාතිය සහ ලිංගිකත්වය පිළිබඳ කළ ප්‍රකාශ නිසා ඔහුගේ කීර්තියට හානි සිදු වුණා. එක් රූපවාහිනී වැඩසටහනක දී, ඔහු කළු ජාතිකයන් සහ සුදු ජාතිකයින් අතර සාමාන්‍ය IQ (බුද්ධි මට්ටම) හි වෙනසක් ජාන මඟින් ඇති කරන බවට ප්‍රකාශ කිරීම ඊට උදාහරණයක්.

DNA හි ද්විත්ව හෙලික්සීය ව්‍යුහය සොයාගැනීම වෙනුවෙන් ජේම්ස් වොට්සන්, මොරිස් විල්කින්ස් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් 1962 දී නොබෙල් ත්‍යාගයට පාත්‍ර වුණා.

1968 දී, නිව් යෝර්ක් ප්‍රාන්තයේ පිහිටි පැරැණි ආයතනයක් වන කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් විද්‍යාගාරයේ (Cold Spring Harbor Laboratory) පාලනය භාර ගත් ඔහු, එය ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාත්මක පර්යේෂණ ආයතනවලින් එකක් බවට පත් කළා. ඔහුගේ මරණය පිළිබඳ පුවත තහවුරු කරනු ලැබ ඇත්තේ ද කෝල්ඩ් ස්ප්‍රින්ග් හාබර් විද්‍යාගාරය විසිනුයි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications