ධීවර පර්යේෂණ සම්බන්ධ විද්යාෂඥයන් පිරිසක් දකුණු පෘතුගාලයේ සිට උතුරු නෝර්වේ දක්වා මුහුදු තීරයේ සිදු කළ සමීක්ෂණ 23ක් අවසානයේ නිගමනය කර ඇත්තේ යුරෝප- යේ කරදිය මසුන් පාරිසරික වෙනස් වීමට සංවේදී බවයි. 2005 සිට 2018 දක්වා දිගු කාලයක් සිදු කළ මේ සමීක්ෂණ, කරදිය මත්ස්ය විශේෂ 138කගේ සාම්පල 31,502කින් සමන්විත වුණා.
ප්රවධාන පර්යේෂක Louise Rutterfor පවසන්නේ, ̃උෂ්ණත්වය, ලවණතාව හා මුහුදේ ගැඹුර මත්ස්යව විශේෂවල වාසස්ථාන හඳුනා ගැනීම සඳහා වැදගත් සාධක වන බවයි. ”
මේ අධ්යැයනයෙන් ලබාගත් තොරතුරු හා දත්ත මඟින්, 2050 හෝ 2100 වන විට මුහුදු ජලයේ උෂ්ණත්වය වෙනස් වන රටාව අනුව කුමන මත්ස්යය විශේෂය වාසය කරන්නේ මුහුදේ කොතැන දැ යි අනාවැකි කීමට හැකි වනු ඇතැ යි මේ විද්‍යාඥයන් පවසනවා.
සහශ්‍රිකා දෙව්මිණි