විද්‍යා ප්‍රබන්ධ ෂානරය, ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ සම්මානයෙන් පිදුම් ලබන ප්‍රියතම ප්‍රභේදයක් ලෙස අප්‍රකට ය. ‘Best Picture’ කාණ්ඩය යටතේ හොඳ ම චිත්‍රපටය ලෙස සම්මාන ලද පළමු විද්‍යා ප්‍රබන්ධ චිත්‍ර පටය බවට පත් වූයේ වසර පහකට පෙර නිෂ්පාදනය වූ The Shape of Water නම් සිනමා පටයයි. Venice Film Festivalහි මංගල දර්ශනය 2021 සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වූ දා සිට, Dune සිනමා පටය ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වේ යැයි බොහෝ දෙනා අනාවැකි පළ කළෝ ය. එය සපථ කරමින් මේ අතිවිශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ වීර කාව්‍යය පසුගිය සතියේ 2022 නාම යෝජනාවල දී සම්මාන දහයක් සඳහා නිර්දේශ ලබා ගත්තේය.
Denis Villeneuve විසින් අධ්‍යක්ෂණය කරන ලද, Dune විද්‍යා ප්‍රබන්ධ වීර කාව්‍යයට ආලෝකයට වඩා වේගයෙන් අන්තස්තාරිය අවකාශයේ ප්‍රවාහනය ප්‍රගුණ කර ඇති අනාගත වාදයක් පදනම් වී ඇත. එහි ප්‍රධාන චරිතය පෝල් ඇට්‍රෙඩිස් (Timothee Chalamet) වන අතර, පෝල්ගේ මාපියන් ලෙස ඔස්කාර් අයිසැක් සහ රෙබෙකා ෆර්ගියුසන් මෙන් ම සෙන්ඩයා, ජොෂ් බ්රෝලින්, ස්ටෙලන් ස්කාර්ගාර්ඩ් සහ ඩේව් බැටිස්ටා ද රංගනයේ යෙදෙති. COVID-19 වසංගතය සමග සාමාන්‍යකරණය වූ නව ජීවන රටාව නිසාවෙන් මේ දශකය තුළ නිකුත් වූ බොහෝ බ්ලොක්බස්ටර් චිත්‍රපට මෙන්, Dune චිත්‍රපටය ද සිනමාහල්වල සහ ප්‍රවාහ වේදිකාවල (streaming platforms) එක වර නිකුත් විය.
සිනමා පටයේ සම්පූර්ණ ශීර්ෂය ‘Dune : පළමු කොටස’ වන අතර, එම සිනමා විශ්වයේ ආරම්භය එය වේ. ෆ්රෑන්ක් හර්බට්ගේ Dune පාඨකයන් අතර මේ විශ්වය ප්‍රචලිත වී ඇත්තේ Dune Universe හෝ Duniverse යන ප්‍රකට නාමවලිනි. එසේ ම ‘Dune : දෙවැනි කොටස’ 2023 වසරේ දී නිකුත් කිරීමට නියමිත ය.
Dune 1984 සහ Syfy Dune Miniseries
1965 දී ෆ්රෑන්ක් හර්බට්ගේ විසින් රචිත Dune විද්‍යා ප්‍රබන්ධ නවකතාව වසර ගණනාවක් පුරාවට කුප්‍රකට ලෙස අනුවර්තනය වී ඇත. 1984 දී ඩේවිඩ් ලින්ච්න්ඩ්ගේ Dune සිනමා පටයේ අනුවාදය, නිකුත් වීමත් සමඟ එකල්හි ම විචාරකයන්ගේ ඍණාත්මක විචාරයන් මඟින් එහි කීර්ති නාමය විනාශ කරන ලද අතර, චිත්‍රපටයේ ආදායම් වාර්තා ද අසාර්ථක විය. ප්‍රකට විචාරකයකු වූ රොජර් ඊබට් එය හැඳින්වූයේ “සැබැවින් ම අවුල් සහගත වූ ද, තේරුම් ගත නොහැකි වූ ද, අවලක්ෂණ වූ ද, ව්‍යුහගත නො වූ, අඳුරු ක්ෂේත්රයට නිර්මාණය කළ වඩාත්ම ව්‍යාකූල තේරුමක් නැති විනෝද චාරිකාවක සර්වකාලීන තිර රචනයක් ලෙස ය. නැවතත් 2000 වසරේ දී Syfy නාළිකාව මඟින් රූපවාහිනී කෙටි කතා මාලාවක් ලෙස Dune අනුවර්තනයක් නිෂ්පාදනය කළ අතර එය වඩාත් පැසසුමට ලක් වූ නමුත්, සර්වකාලීන නිර්මාණයක් ලෙස ඉතිහාසගත නොවූ අතර එය පිළිබඳ ව ද නැවත කතා වූයේ 2021 Dume සිනමා පටය නිසාවෙනි. එබැවින් Denis Villeneuve සාර්ථක ලෙස Dune විද්‍යා ප්‍රබන්ධ වීර කාව්‍යයේ අනුවාදයක් වඩාත් ආකර්ෂණීය ලෙස නිර්මාණය කර ඇත.
පොත් මාලාවේ Duniverse ගැන හැඳින්වීමක්
Dune චිත්‍රපටය තේරුම් ගැනීමට නම් 1965 දී ෆ්රෑන්ක් හර්බර්ට් නම් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයා විසින් රචනා කරන ලද Dune කතා මාලාවේ යම් යම් කරුණු කාරණා කීපයක් ප්‍රේක්ෂකයා අවබෝධ කර ගත යුතු ය. ඇසිමෝව්ගේ Foundation විශ්වයෙන් පසුව විද්‍යා ප්‍රබන්ධ පාඨකයන්ට අමතක නො වන චාරිකාවක් ලෙස Dune කියවීම හැඳින්විය හැකි ය. Dune කතාව ගොඩනැඟෙන්නේ ප්‍රධාන තේමා තුනක් යටතේ ය.
Power and Control – බලය හා පාලනය
“Power can be used to exert control over the present and Future”
“වර්තමානය සහ අනාගතය පාලනය කිරීමට බලය භාවිත කළ හැකි ය”
(මෙහි බලය යනු Spice නම් ඖෂධය නිසා වැඩි දියුණු වන කායික හා මානසික හැකියාවන් වේ)
Religion and Politics – ආගම හා දේශපාලනය
“Religious fervor can make a political hero out of a man”
“මිනිසකු, දේශපාලන වීරයකු බවට පත් කිරීමට ආගමික තෘෂ්ණාවට හැකි ය”
Destiny – දෛවය / ඉරණම
“Seeing the future gives one’s life a sense of inevitability”
” යමෙකුට අනාගතය දැකීමට ඇති හැකියාව ඔහුගේ ජීවිතයට අමරණීය හැඟීමක් ලබා දෙයි”
Dune කතාන්තරයේ gifted එසේත් නැත්නම් සහජයෙන් ම උරුම වුණ සුවිශේෂත්වයක් ඇති, හා ‘Chosen One’ හෙවත් මුළු විශ්වයක ම ඉරණම වෙනුවෙන් තෝරා ගත් ගැළවුම්කරුවෙක් යැයි සැක කරන පෝල් ඇට්‍රෙඩිස් (Paul Atreides) නම් ඇට්‍රෙඩිස් වංශවත් පවුලේ අවුරුදු පහළොවක් වයසැති කොලු ගැටයෙකුගේ කතාව හා ඔහු ගෙන් පසු පරම්පරාවක කතාව කියවෙයි.
House Atreides, නම් ප්‍රභූ පවුලේ ප්‍රධානියා වන්නේ පෝල්ගේ පියා Leto Atreides, හෙවත් Arrakis ග්‍රහලෝකයේ ආදිපාදවරයා ය. අධිරාජයා විසින් Leto Atreides ඇරකිස් ග්‍රහලෝකයේ පාලකයා වශයෙන් පත් කෙරෙන්නේ එම පවුල විනාශ කිරීමේ රහසිගත බලාපොරොත්තුවෙනි. ඔවුනට පැවරුණ රාජකාරිය වන්නේ ‘Spice’ ලෙස හැඳින්වෙන ඖෂධය නිපදවෙන ආකර පාලනය කිරීමයි.
Dune, විශ්වයේ ඇති වටිනා ම සම්පත වන Spice නම් ඖෂධයේ සැපයුම, එහි පැවැත්ම හා විශ්ව බල තුලනය කෙරෙහි එහි බලපෑම, ආගන්තුක ලොවක භූ විෂමතාවන් ගෙන් ද, අද්විතීය සටන් වලින් ද, විද්‍යාව හා තාක්ෂණය තේමා වූ ද, සියුම් සංවේදනයන් ගෙන් ද සංතෘප්ත වූ වීරාඛ්යානයෙන් සැරසුණ කතාන්දරයක් වෙයි. එහි මුල් නවකතාවෙන් පාඨකයකු ලෙස මා ලද රසපූර්ණ අත්දැකීම එලෙසින් ම සලරුවකින් ලබන්නට හැකි වීම අගනා බවත් කිව යුතු ය.
මේ වීර කතාවට ආගන්තුක ප්‍රේක්ෂකයාට මේ කතාවේ මූලික ව ම හඳුනා ගත යුතු කරුණු කීපයක් ම ඇති අතර සිනමා පටය නැරඹීමට පෙර හෝ පසුව මේ ගැන දැනුවත් වීම සිනමා පටය හා පොත් මාලාව තේරුම් ගැනීමට වඩාත් පහසු වනු ඇත.
Dune විශ්වය හෙවත් Duniverse : The World of Dune
බොහෝ විද්‍යා ප්‍රබන්ධ අවබෝධ කර ගන්නට නම් ඒ ප්‍රබන්ධකරණයට පදනම් වූ කරුණු කාරණා ගැන පරිකල්පනයක් හා අර්ථ විග්‍රහයක් අවශ්‍ය වන අතර හර්බර්ට්ගේ Dune යනු එවැන්නකි. එසේ ම යම් ගැඹුරකින් Dune පරිකල්පනයන් කියවා ගැනීම ද අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා අත්‍යවශ්‍ය වන මූලික කරුණු කීපයක් පහත සඳහන් වේ.
Dune යන ඉංග්‍රීසි පදයේ තේරුම වැලි කඳු යන්නයි. කාන්තාරයක තිබෙන වැලි කඳු ඉංග්‍රීසි භාෂාවේ Dunes ලෙස හැඳින්වේ. හර්බර්ට්ගේ මේ රචනයට මැද පෙරදිග සංස්කෘතිය බොහෝ සේ ආභාස වී ඇති අතර Duneහි බොහෝ නාම කරණයන්, චරිත, ඇඳුම් පැළඳුම් හා ඇදහීම් මැද පෙරදිග කලාපයේ භාෂා, ආගම් හා ජීවන රටාවන්ගේ ස්වරූපයක් ගන්නේ එබැවිනි. තව ද Dune විශ්වයේ දේශපාලනය හා ආගම් වාදයන්, ඉස්ලාම් හා සෙන් බුදු දහම මනා ගැඹුරකින් අධ්‍යයනය කිරීමෙන් නිර්මාණය කර ඇත.
ප්රස්තුතය ගොඩනැඟුණ කාල වකවානුව
ඩූන් කතාව අදින් වසර සිය ගණනක් වැනි සුළු කාලයකට පසුව නො ව, අදින් වසර 20,000ක් පමණ අනාගතයක් ගැන කියවෙන වෘතාන්තයකි. අප පවතින ශත වර්ෂයට වඩාත් හාත්පසින් ම වෙනස් යුගයක් ගැන මේ අනාගතවාදී කතාන්තරයේ කියවෙයි. මෙහි කියැවෙන කාල වකවානුවේ සක්වළ පුරා විහිදුණ ග්‍රහලෝක විශාල ගණනක මිනිසුන් කොලනි නිර්මාණය කර ඇති අතර, ස්වකීය ග්‍රහලෝකවල ආවේණික පරිසරවලට අනුගත වූ ජීවන රටාවක් උරුම මිනිසුන්ට, අප සිටිනා වර්තමානය හා පෘථිවිය පුරාවෘත්තයක් පමණක් ම වෙයි.
හර්බර්ට්ගේ Dune විශ්වය නිර්මාණයේ සුවිශේෂී ම කාරණාව ලෙස, එය පරිසරවාදයකින් සංතෘප්ත වීම බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් වී ඇත. ඔහු මේ කතාව තුළ එම ග්‍රහලෝකවල පරිසරයන් අපූරුවට රචනා කර තිබීම නිසාවෙන් වෘතාන්තයක් තුළ ග්‍රහලෝකයක පරිසර පද්ධති ගැන අපූරු ලෙසට විස්තර කරන ප්‍රධාන පෙළේ කතාවක් ලෙස Dune ඉතිහාසගත වී ඇත.
තාක්ෂණය හා ආයුධ
අනාගතවාදී කතාවක ලෝකය කෙසේ විය හැකි ද? ඇසිමෝව්, ක්ලාක්, කියවූ පාඨකයාට විවිධාකාර ග්‍රහලෝකයන්හි අත්දැකීම් ඇත. විශේෂයෙන් ම අධිතාක්ෂණයෙන් සංතෘප්ත යන්ත්‍රෝපකරණ හා උසස් ගණයේ ආයුධ ගැන අනිවාර්යයෙන්ම කියවා ඇත. එහෙත් Dune විශ්වයේ මේ කාරණා සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි.
Dune ප්රස්තුතයේ කාල වකවානුවට අවුරුදු 10,000කට පෙර ඩූන් විශ්වයේ සිතීමට හැකි සචේතනික යන්ත්‍ර බිහි වී ඇත. එනමුත් එහි ප්‍රතිවිපාක ද ලේසි පහසු වී නැත. සචේතනික යන්ත්‍ර බලවත් වනවා සමග ම ඩූන් විශ්වය සම්පූර්ණයෙන් ම මිනිසුන් හා යන්ත්‍ර යුද පිටියක් බවට පත් කිරීම නිසා ම, පරම්පරා දෙකක් පුරාවට මේ යුද්ධය පැවතීමෙන්, දියුණු තාක්ෂණය පිළිබඳව පසු කාලීන යුගයේ මිනිසා තුළ වෛරයක් නිර්මාණය කර ඇත. මේ නිසා Dune කතාව කියවෙන යුගය වන විට සචේතනික යන්ත්‍ර තහනම් යුගයක් නිර්මාණය වී ඇති අතර මේ විශ්වයේ ඇති ආගම්වාද තුළත් සචේතනික යන්ත්‍ර තාක්ෂණයට පක්ෂ හා විපක්ෂ වීම මත, විවිධ මතවාද බිහි වී තිබේ. සචේතනික යන්ත්‍ර තහනම නිසා ම Dune විශ්වය තුළ සතුරු කණ්ඩායම් එකිනෙකා සමග සටන් කිරීමට අත් සටන් ක්‍රම, කඩු සහ තවත් ලේසර් කදම්බ විදින තුවක්කු භාවිත කරන අතර, ආත්මාරක්ෂාව උදෙසා සිරුර වටා තිබෙන, ප්‍රතිරෝධී බල ක්ෂේත්රයක් ද භාවිත කරයි. සමහර යන්ත්‍ර උපකරණ තිබුණ ද ඒවා සචේතනික යන්ත්‍ර හා සම වන යන්ත්‍ර නො වේ.
පාලනාධිකාරිය
Dune විශ්වයේ දේශපාලනික ව්‍යුහය තුළ එකිනෙකා හා සතුරු වූ වංශ පවුල් පවතී. කාලාන්තරයක් තිස්සේ ප්‍රධාන වංශ දෙකක් අතර ගැටුමක් වන අතර, එම වංශ පවුල් House Harkonnen (හාකොනන්) හා House Atreides (ආර්ටයිඩිස්) නම් වේ.
මෙහි දී House Atreides, කතාවේ වීරයන්ගේ වංශය වන අතර, Duke Leto, හොඳ ප්‍රතිපත්තිගරුක චරිතයක් නිසා ම ඔහුට සතුරන් ද බහුල වෙයි. මෙහි දී Harkonnen පවුල, කතාවේ දුෂ්ටයා වෙයි. පාලනාධිකාරිය විසින් ඇරාකස් ග්‍රහලෝකය House Atreides වෙත පැවරීමට පෙර එහි බලය තිබුණේ Harkonnen පවුලටය. මෙම වංශ දෙකේම අය ද පාලනාධිකාරිය ද හඹා යන්නේ එක ම දෙයකි. එය මෙම Duniverseහි වටිනා ම සංයෝගය වන Spice ඖෂධයයි.
Frank Herbertගෙ පසුව ඔහුගේ පුතා වූ Brian Herbert විසින් මේ වංශ පවුල් ගැන පොත් සහ අතුරු කතා ද, චිත්‍රකතා ද රචනා කෙරි ඇත.
Duniverseහි බල තුලනය
Duniverseහි සක්වළ බල තුලනය ප්‍රධාන වශයෙන් කොට්ඨාස තුනකට බෙදී තිබේ.
- The Imperium (අධිරාජ්‍යයා) හෙවත් Galactic Padishah Empire (සක්වළ අධිරාජයා, Padishah යන්නෙහි තේරුම ද අධිරාජයා ය) ලෙස හැඳින්වෙන පළමු පාලනාධිකාරියට Duniverseහි සම්පූර්ණ පාලන බලය ද හිමි වේ. අවුරුදු දහස් ගාණක් තිස්සේ අධිරාජයා ලෙස බලය හිමි වූයේ,එනම් Padishah Emperor යන නාමයේ හිමිකරු වූයේ House Corrin ද නම් වංශ යයි (මෙය Game of Thronesහි Targaryens වංශය වැනි ය.).
The Emperor : අවුරුදු ගණනාවක සක්වළ යුද්ධ (Galactic Wars)වලින් පසුව (මෙයට රොබෝවරුන්, සචේතනික යන්ත්‍රවලට එරෙහි යුද්ධය ද අයත් වෙයි), විශ්වය පාලනයට පාලනාධිකාරියක අවශ්‍යතාව මතු වී තිබේ. විශ්වයේ සියලු ම වංශවත් පවුල් එකතු වී පාලනාධිකාරියක් නිර්මාණය කළ අතර පසු කාලීන ව ඇට්‍රෙඩිස් පවුලේ කතාව කියවෙන කාලය වන විට මේ බලය තනි වංශයකට පමණක් සීමා විය. එය කොරිනො වංශය වන අතර හය වැනි ශද්දාම් නම් වූ අධිරාජයා Dune පළමු කතාවේ කාලය වන විට බලයේ සිටින්නේය. මොහු Dune විශ්වයේ 81 වැනි අධිරාජයා ද වන්නේ ය. මේ අධිරාජයා 68 වියේ පසු වන අතර තමාගේ බලය ගැන ඉතා ම බියකින්, කනස්සල්ලකින් පසු වෙයි.
Sardaukar : අධිරාජයාගේ හමුදාව මේ සර්දුකාර් ලෙස හැඳින්වෙයි. කෲර යුදෝපායන්, මෙන්ම සුවිශේෂී සටන් හැකියාවන් හිමි මේ පිරිස Corrino වංශයට ඉතා පක්ෂපාති වෙයි. Dune සක්වළ පුරා ම මේ හමුදාව පිළිබඳව ඇත්තේ බිය මුසු වූ කීර්ති නාමයකි.
- Spacing Guild: අන්තස්තාරිය ගමනාගමනයට (Interstellar Travelling) හිමි බලය සම්පූර්ණයෙන් ම අත්පත් කර ගෙන සිටින පිරිස වන්නේ මොවුන් ය. එසේ ම මොවුන්, Padishah අධිරාජ්‍ය මෙන් ම, ලෑඩ් වංශ එකමුතුව සමග බල අරගලයක යෙදෙන පිරිසක් ලෙස හැඳින්වේ. අන්තස්තාරීය ගමනා ගමනය කරන Guild Navigators නම් පිරිස මේ පාලනාධිකාරියට අයිති වෙයි.
- Landsraad: පාරම්පරික වංශවත් පවුල් වල එකමුතුවක් ලෑම්ප්රාඩ් පවුල් ලෙස හඳුන්වයි.
Bene Gesserit and Kwisatz Haderach (බෙනේ ජෙසරිට් සහ ක්විසැට්ස් හැඩරැක්)
ඩූන් විශ්වය තුළ සුවිශේෂී දාර්ශනික හා දේශපාලනික අරගලයක් මෙහෙයවයි. Duneහි බල තුලනය තුන් කොටසකට බෙදුණ ද, සැබැවින් ම අදිසි ලෙස ක්‍රියා කරනා හතර වැනි පාර්ශවයකුත් වෙයි. ඔවුහු සක්වළ සිදු වන බොහෝ දේවලට ඍජු ව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙති. සරල ව ම බල අරගලයන්හි නූල් තිබෙන්නේ ඔවුන් අත ය. දේශපාලනික ව මේ පිරිස විශ්වය තුළ සිදු වන බොහෝ දේ මෙහෙයවති. ඔවුන් බෙනේ ජෙසාරිට් ස්ත්‍රී සමාජය ලෙස හැඳින්වෙන, අතර මේ පිරිස එක්තරා ලෙසක ඉලුමිනාට් කල්ට් එකක ස්වභාවය ගනී.
අඩක් ආගමික ද, අඩක් ඔත්තු බැලීමෙහි ද නිපුණ සමස්ත කාන්තා පෙරමුණකින් සමන්විත, බෙනේ ජෙසරිට් දුෂ්ට ලෙස විශේෂ පාසල්වල පුහුණු කර ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපනයෙන් ඔවුන්ට අද්විතීය හැකියාවන් ලබා දෙයි. හැකියාවන් අතර ඔවුන්ගේ ශරීරයේ සැම කොටසක් ම පාලනය කිරීමේ හැකියාව, විෂවලට එරෙහි ව භාවිත කළ හැකි පරිවෘත්තීය ක්‍රම පවා ඇතුළත් වේ. ඔවුන් ශාරීරික ව හා මානසික ව සමාන ව පුහුණු කර ඇත. ඔවුන් සටන් කලාවන්හි ද සුවිශේෂී වන අතර ඔවුන් මුළා කිරීමට හෝ නොමඟ යැවීමට අසීරු වෙයි. මේ බලගතු කාන්තාවෝ දේශපාලන වාසි සඳහා ඔවුන්ගේ හැකියාව න් භාවිත කරති. ෘමබැහි මොවුන් පිළිබඳ වඩාත් ම වැදගත් දෙය නම්, ඔවුන්ගේ ආගම ‘තෝරා ගත් තැනැත්තා (The Kwisatz Haderach) ’යම් දිනෙක බිහි වනු ඇතැයි පුරෝකථනය කර එම තැනැත්තා සෙවීමයි. ඔහු / ඇය බෙනේ ජෙසරිට් පෙරමුණේ සුවිශේෂී නිර්මාණයක් ද වන්නේ ය.
Spice ඖෂධය
Dune ගැන බොහෝ දෙනා දන්නා එක් දෙයක් තිබේ එය Spice ඖෂධයයි. Spice melange ලෙස ද එය හැඳින්වේ, ඉතා වටිනා සහ දුර්ලභ ඖෂධයකි. එය Dune විශ්වයේ වැඩි ම ඉල්ලුමක් ඇති ද්‍රව්‍යයයි. මේ ඖෂධය කරන්නේ කුමක් ද? Dune නවකතාවේ Spice ඖෂධය පහත පරිදි හැඳින්වේ.
“ Spice ඖෂධය ජීවිතය දිගු කරයි, Spice ඖෂධය විඥානය පුළුල් කරයි. Spice ඖෂධය අභ්‍යවකාශ ගමන් සඳහා ඉතා වැදගත් වේ. Spice ඖෂධය ඇත්තේ ඇරකිස් ග්‍රහලෝකයේ පමණි (ඔබ එම දැවැන්ත වැලි පණුවන් සහිත ටේ්රලර්වල දැක ඇති කාන්තාර ග්‍රහලෝකය). Spice ඖෂධය පරිභෝජනය ඔබේ ආයු කාලය දිගු කරයි, ඔබට අනාගතය දැකීමට ඉඩ සලසයි, සහ ඔබේ මනසට බලපායි. Spice ඖෂධයට ඇබ්බැහි විය හැකි අතර, එය මත යැපෙන අයට නිල් පාට ඇස් ඇත.”
දේශපාලනික ව ඇරකිස් ග්‍රහලෝකයේ බලය හිමි වීම, ඇටේරඩිස් වංශයට දෙපැත්ත කැපෙන පිහියක ස්වරූපයක් ගන්නේ එබැවිනි, එය බලගතු මෙන් ම විනාශකාරී ද විය හැකි ය.
Fremen (ෆ්රේමන්)
ෆ්රේමන් යනු ආන්තික තත්ත්වයන් සහ යෝධ වැලි පණුවන් සහිත ග්‍රහලෝකයක් වන ඇරකිස්හි ජෛව විවිධත්වය හා සාමකාමී ව ජීවත් වන මිනිසුන් ය. කාලයාගේ ඇවෑමෙන්, ඔවුන් නිරන්තර Spice ඖෂධයට නිරාවරණය වීම නිසා නිල් පැහැති ඇස් වර්ධනය වී ඇති අතර මෙය ඔවුන්ගේ අනන්‍යතාව ද වෙයි.
sandworms (වැලි පණුවන්)
Little Makers හෝ Shai-hulud ලෙස ද හඳුන්වනු ලබන දැවැන්ත වැලිපණුවන් Arrakis ග්‍රහලෝකයට ආවේණික වේ.
ඇරාකි ස් ග්‍රහලෝකයේ කාන්තාර වැලි කඳු මතුපිටට අනපේක්ෂිත පිපිරීමක් මෙන් මතුවෙන සුවිශාල වැලිපණුවන් භයංකර මෙන් ම මිනිසාට හානිදායක ද වෙයි. මෙම විශාල වැලිපණුවන් වැලි කම්පනවලට ප්‍රතිචාර දක්වයි. එසේ ම ඔවුන්ගේ ව්‍යුහයේ භයංකර ස්ඵටික දත් පවතින අතර, ෆ්රීමන්වරුගේ විලාසිතාවන්ගේ මෙම දත්වලින් සැකසූ අයිතම ද අන්තර්ගත වේ. සුවිශේෂී ම කාරණය වන්නේ මෙම මිනීමරු මෘගයන්ගේ ජීවන චක්‍රය Spice ඖෂධය නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වීමයි. මේ හේතුවෙන් ම ෆ්රේමන්වරුන් වැලිපණුවන්ට මහත් සේ ගරු කරන අතර, ඔවුනට මෙම මෘගයන් දෙවියන් වැනි ජීවීන් කොට්ඨාශයකි.
Mentat (මෙන්ටැට්)
සචේතනික යන්ත්‍ර සහ මිනිසුන් අතර ඇති වූ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දියුණු පරිගණක මේ යුගය වන විට තහනම් විය, එහෙත් සැම වංශ පවුලක මන්දිරයකට ම, නිරතුරු ව තාක්ෂණයේ ප්රතිලාභ අවශ්‍ය විය. Mentat යනු පුද්ගල පරිගණක වැනි පිරිසකි. මේ පුද්ගලයන් ගණනය කිරීම්, තර්කණය සහ යුද උපක්‍රම අතින් සුවිශේෂී ය. සෑම වංශ පවුලක මන්දිරයකට ම Mentat කෙනෙක් සිටියි.
Personal Shield (පෞද්ගලික පලිහ)
බොහෝ ධනවත් පුද්ගලයෝ ස්වකීය ආරක්ෂාව සඳහා පෙූද්ගලික පලිහක් භාවිත කරති. එය ශක්ති බාධකයක් වන අතර, අඳින්නාගේ අවශ්‍යතාවලට අනුව ක්‍රමාංකනය කර ඇත. සෙමෙන් චලනය වන තියුණු තලයක් නිවැරැදි ව භාවිත කළ හොත් මේ පලිහක් විනිවිද යෑමට හැකි වුව ද, පරාසයේ ඇති ඕනෑ ම දෙයකින් පළඳින්නා ආරක්ෂා කිරීමට සමත් වේ. මේ පෞද්ගලික පලිහකට යම් හෙයකින් ලේසර් තුවක්කු හෙවත් lasgun පහරක් එල්ල වුව හොත් එහි ප්‍රතිඵලය වන පිපිරුම පරමාණු පරිමාණයෙන් සිදු වන බව සඳහන් වෙයි.
Stillsuit (නිශ්චල ඇඳුම)
ඇරාකිස් කාන්තාරයේ පවතින අධික වියළි බව නිසා ශරීරයේ තෙතමනය ආරක්ෂා කිරීමට පළඳින, සම්පූර්ණ ශරීර ආවරණය වන ඇඳුමකි. නිශ්චල ඇඳුමේ බොහෝ ස්ථර නිර්මාණය කර ඇත්තේ දහඩිය සහ මූත්‍ර අවශෝෂණය කර ගැනීමට සහ ඒවා පෙරීමට ලක් කරවීමට වන අතර, පසුව ඒවා නිශ්චල ඇඳුම පැළඳ සිටින පුද්ගලයාට පානය කළ හැකි දියරයක් බවට පරිවර්තනය වේ. මෙම ඇඳුම පැළඳ සති ගණනාවක් කාන්තාරයේ ජීවත් වීමට හැකි ය.
Dune Saga යනු අද්විතීය අන්තර් චක්‍රාවාට චාරිකාවක අභ්‍යවකාශ ඔපෙරාවකි. 2021 Dune සිනමා පටය ද ලොව පුරා නව ඇබ්බැහියක් නිර්මාණය කර ඇත. ඇකඩමිය මඟින් නිර්දේශිත සම්මාන ද, ලබන මාර්තුවේ දී Dune තවත් ඔප මට්ටම් කරනු ඇත. Duniverse කියවන්නට නරඹන්නට ශ්‍රී ලාංකීය පාඨකයා නැඹුරු විය යුතු වන්නේ, එහි කියවෙන දේශපාලනය, දර්ශනය, ආගම්වාදය හා විද්‍යාත්මක කල්පිතයන් තුළ අප රටේ බොහෝ සංස්කෘතික හා දේශපාලන අර්බුදවලට සවිඥානික පිළිතුරු අන්තර්ගත වන බැවිනි.
චාමිනී මිරැන්ඩු