මිනිසුන් විසින් සිදු කරනු ලබන කිසියම් කර්තව්‍යයක්, සිදු කරවීම සඳහා තමා විසින් ම මෙහෙයවිය හැකි පරිදි හෝ අර්ධ වශයෙන් තමා විසින් ම මෙහෙයවිය හැකි පරිදි සාදන ලද යන්ත්‍රයක් ලෙස රොබෝ යන්ත්‍රය හැඳින්විය හැකි ය. විවිධ ක්ෂේත්රයන් සඳහා මේ ආකාරයට රොබෝවන් නිපදවනු ලබයි. සෞඛ්‍ය ක්ෂේත්රය, කෘෂිකාර්මික ක්ෂේත්රය, ආහාර පිළියෙල කිරීම, නිෂ්පාදන ක්ෂේත්රය, යුද කටයුතු වැනි ක්ෂේත්රයන් ඒ සඳහා උදාහරණ කිහිපයක් වේ. රොබෝවන් හරහා මිනිසුන්ට සිදු කිරීමට අසීරු හා අවදානම් කටයුතු පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබී ඇත. ලොව පුරා විවිධ රටවල යුධ කටයුතුවල දී හා පොලිස් ආරක්ෂක කටයුතුවල දී භාවිත වන එවැනි රොබෝවන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ කාර්යභාරයන් සැකෙවින් පහත දැක්වේ.
Guardbot

මේ රොබෝ යන්ත්‍රයට ඕනෑ ම බිම් ප්‍රදේශයක පෙරළී යෑමේ හැකියාව තිබේ. එමෙන් ම මෙයට ජලයෙහි පිහිනීමේ හැකියාව ද ඇත. මෙය අඟහරු මත මෙහෙයුම් (mars missions) සඳහා විශේෂයෙන් ම සකස් කරන ලද රොබෝ යන්ත්‍රයක් වන අතර වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ද වැඩිදියුණු කෙරී ඇත. මෙයට ඕනෑ ම පෘෂ්ඨයක් මත දී ඉක්මනින් ත්වරණය වීමේ සහ මන්දනය වීමේ හැකියාව පවතී. මේ රොබෝ යන්ත්‍රයට විවිධ ආකාරවල සංවේදක, කැමරා, සන්නිවේදන සහ මඟ පෙන්වීම් උප පද්ධති සමග ඒකාබද්ධ වී ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බැවින් විශාල පරාසයක මෙහෙයුම්වලට මේ යන්ත්‍රය යොදාගැනීමට හැකියාව ලැබී තිබේ.
Robo Bee solar-powered microbot

ලොව සැහැල්ලු ම පියාසර යන්ත්‍රය (Aerial machine) මෙයයි. මෙයට තදබදය සහිත අවකාශයන්හි පවා සූක්ෂම ව සැරිසැරීමේ හැකියාව පවතී. එය මී මැස්සකු තරම් පැනල කෙළින් ම හිරු එළියට නිරාවරණය වූ විට ඒවායේ ස්කන්ධයෙන් මිලිග්‍රෑම් එකකට 0.76 මිලිවොට් ප්‍රමාණයක ශක්තියක් ජනනය කරනු ලබයි. එනමුත් මෙසේ ජනනය වන විද්‍යුත් ශක්තිය ගබඩා කරගැනීම සඳහා රොබෝව මත කෝෂ සවි කර නැත්තේ එමඟින් රොබෝ යන්ත්‍රයේ බර වැඩි වීමක් සිදු වන නිසා ය. මේ අනුව රොබෝ යන්ත්‍රය විසින් නිපදවෙන ශක්තිය එම අවස්ථාවේ දී ම භාවිතයට ගැනේ. සම්පූර්ණ වශයෙන් මේ Robobee කෙනකුගේ ස්කන්ධය මිලිග්‍රෑම් 259ක් පමණ වේ. එය ඇමිණුම් කටුවක (Paper clip) ස්කන්ධයෙන් ¼කටත් වඩා අඩු ස්කන්ධයකි.
Ghost robotic vision 60

මේ රොබෝවන් රොබෝ සුනඛයන් (Robo dogs) ලෙස හැඳින්වෙන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා කඳවුරුවල මුර සංචාර සඳහා යොදා ගනී. යුධමය වශයෙන් සිදු කරන නිරීක්ෂණ සහ හඳුනා ගැනීමේ කටයුතු සඳහා මේ රොබෝවන් භාවිත වේ. එක් වරක් ආරෝපණය කළ මේ රොබෝවකුට පැය 7 1/2ක් පමණ එක දිගට දිවීමේ හැකියාව පවතින බව පැවසේ. මේ රොබෝවන්ට පඩිපෙළෙහි නැඟීම, පෙරළුණු අවස්ථාවක නැවත තනි ව නැඟිටීම වැනි ක්‍රියාවන් ද සිදු කළ හැකි ය. මේ රොබෝවකුගේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ලක්ෂයක් පමණ වේ.
IRIS throwable Robot Platform

බරින් ඉතා අඩු කුඩා රොබෝවකි. එම මොහොතේ ම එනම් සජීවී ව බුද්ධි තොරතුරු එකතු කර ගැනීමේ මෙහෙයුම්වල දී මේ රොබෝවන් භාවිත වේ. මෙහි ස්කන්ධය කිලෝ ග්‍රෑම් 1.65ක් පමණ වේ. මේ රොබෝවට මඩ, බොරලු, ජලය සහිත බිම් ප්‍රදේශවල ද ගමන් කිරීමේ හැකියාව ඇත. සොල්දාදුවන්ට ළඟා විය නො හැකි ස්ථානවල දර්ශන සහ ශබ්දයන් ග්‍රහණය කරගැනීමට මේ රොබෝවන් භාවිත කරනු ලබයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ළඟා වීමට නො හැකි හෝ අන්තරාදායක තැන්වලට එය විසි කිරීමට හැකි වීමයි. මෙයට පැයට සැතපුම් 3ක උපරිම වේගයකින් පැය 2ක කාලයක් ධාවනය විය හැකි අතර, ඒ සඳහා සපයනු ලබන්නේ 12V වෝල්ටීයතා සැපයුමකි.
MAARS Weaponized Robot

Modular Advanced Armed Robotic System යන අර්ථයෙන් මේ රොබෝට නම යෙදී ඇත. මෙය මැෂින් තුවක්කුවකින් සහ ග්‍රෙනේඩ් විදින 4කින් සන්නද්ධ රොබෝ යන්ත්‍රයකි. එමෙන් ම මෙය ලේසර කිරණ මඟින් සහ වෙඩි තබන ඉලක්ක ග්‍රහණය කරගත හැකි පද්ධතියකින් සමන්විත ය. මේ රොබෝව එහි ඇති සංවේදක, ආයුධ සහ පුරවන ලද පතරොම් සමග මුළු ස්කන්ධය 167 kg පමණ වේ. එහි බැටරියට පැය 3 – 12 අතර කාලයක පැවැත්මක් ඇත. එහි දුරස්ථ පාලකයේ සිට 800 – 1,000 m දුරක සිටිය දී වුව ද හැසිරවිය හැකිය. කැමරා 7 කින් සමන්විතය.
REEM The Police Robot

මෙය ලොව පළමු අන්තර් ක්‍රියාකාරිත්වය සහිත පොලිස් රොබෝව වෙයි. මේ රොබෝවන් දැනට ඩුබායිහි ක්‍රියාත්මක මට්ටමේ පවතී. මිනිසුන්ට මේ රොබෝව හරහා අපරාධ පිළිබඳ පැමිණිලි කිරීමට, දඩ මුදල් ගෙවීමට මෙන්ම එහි ඇති ස්පර්ශ තිරය ( පපුවේ සවි කර ඇති) මඟින් ආරක්ෂක දත්ත සෙවීමේ හැකියාව ද පවතී. මෙමඟින් මිනිසුන් පොලිස් ස්ථාන කරා ගමන් කිරීමට වැය වූ කාලය ඉතිරි වීම සිදු වේ. මෙහි උස 1.65 m පමණ වේ. එහි අඩංගු බැටරියට පැය 8ක ආයු කාලයක් තිබේ. ඩුබායි රජය ඔවුන් සතු ව සිටින මේ රොබෝවන් ප්‍රමාණය 2030 වන විට 25%කින් වැඩි කරගැනීමට සැලසුම් කරමින් සිටී.
FLIR Centaur

දිගු යාන්ත්‍රික අතකින් සමන්විත මේ රොබෝවාට බිම් බෝම්බ, පුපුරා ගොස් නොමැති අත් බෝම්බ වැනි අන්තරායකර ද්‍රව්‍යයන් හඳුනාගැනීමේ සහ ඉවත් කිරීමේ හැකියාව ඇත. තව ද එයට රසායනික, ජීව විද්‍යාත්මක හා විකිරණමය අනතුරු හඳුනාගැනීමේ හැකියාව ද ඇත. මාර්ගයන් පාදාගැනීම, මළ සිරුරු ඉවත් කිරීම වැනි කර්තව්‍යයන් ද මෙමඟින් සිදු කළ හැකි බව පැවසේ. පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ ඇතැයි සැක කටයුතු ස්ථාන මිනිසුන් යැවීමකින් තොර ව පරීක්ෂා කිරීම මේ රොබෝවන් මඟින් සිදු කළ හැකි ව තිබීම විශාල වාසියකි. ආරක්ෂක කටයුතු සඳහා අන්තරායකාරී ගොඩනැඟිලි පරීක්ෂා කිරීමේ දී මිනිසුන් වෙනුවට පළමු ව මේ රොබෝව යවා දුරස්ථ නිරීක්ෂණය සහ පටිගත කිරීම් සිදු කර ලබාගන්නා දත්ත අනුව එම ස්ථානයට ඇතුළු වීම කළ හැකි ද, නො හැකි ද යන්න තීරණය කරනු ලබයි.
ලබන සතියේ තවත් කොටසක්
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා ආචාර්ය / භෞතික විද්‍යා දේශක,
■ උදයංග හෙට්ටිආරච්චි
B.Sc. (Electronics) WUSL